ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 21-08-2019 | 6:34 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට ඊයේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පාර්ශවයන් කැඳවා තිබිණි. 2. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ විශේෂ සාච්ඡාවක් පැවැත්විණි. 3. රුපියල් මිලියන 29,174ක තවත් පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. 4. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් පහර දීමේ සිද්ධියේ 9 වන සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම අහෝසි කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සී.එච්.ජී. ලියනගේ මහතා ඊයේ නියෝග කළේ ය. 5. සතොස හිටපු වැඩබලන සාමාන්‍යාධිකාරී විමල් පෙරේරා මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ වසරක සිර දඬුවමක් සහ රුපියල් 50,000ක දඩයක් නියම කළේ ය. 6. අම්පාර, උහන ප්‍රදේශයේදී සිදු වූ පැරෂුට් අනතුරකින් යුද හමුදා විශේෂ බලකායේ සෙබළෙකු මිය ගොස් තිබේ. විදෙස් පුවත් 7. ජම්මු – කාශ්මීර අර්බුදය ගැන අගමැති මෝදි සහ අමෙරිකානු ජනපති දුරකතන සංවාදයක නිරත වී තිබේ. ක්‍රීඩා පුවත් 8. හතුරුසිංහ වෙනුවෙන් බදු නොගෙවූ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්