ශ්‍රීලංකන් ගනුදෙනු ගැන කෝප් විමර්ශනය

ශ්‍රීලංකන් ගනුදෙනු ගැන කෝප් විමර්ශනය

by Staff writer 20-08-2019 | 9:29 PM
COLOMBO (News 1st) - පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට අද ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පාර්ශවයන් කැඳවා තිබිණි. මෙහිදී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කාරක සභාව හමුවේ පවසා ඇත්තේ ගුවන් සමාගම වසර 3ක් ඇතුළත ලාභදායී කිරීමට හැකි බව ය. මේ වන විට පාඩු ලබන ශ්‍රීලංකන් ගුවන් සමාගම එලෙස වසර 3ක් ඇතුළත ලාභදායී කිරීම සඳහා ඔවුන් කෝප් කමිටුවෙන් ඉල්ලීම් කිහිපයක් සිදු කර තිබේ. ගුවන් ඉන්ධන මිල පහත දැමීම, මගී ගමන් වැඩි කිරීම, අධික පොළියට ගෙන ඇති බැංකු ණයවල පොළී අනුපාතයන් අඩු කර දීම සහ ණය සඳහා සහන කාලයක් ලබා දීම අදාළ ඉල්ලීම් වේ. ශ්‍රීලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් කෝප් කමිටුව හමුවේ අනාවරණය වූ කරුණු පිළිබඳ වාර්තාවක් පහතින් දැක්වේ.