පැරෂුට් අනතුරකින් යුද හමුදා සෙබළෙකු මරුට

අම්පාරේ පැරෂුට් අනතුරකින් යුද හමුදා සෙබළෙකු මරුට

by Staff writer 20-08-2019 | 11:20 AM

COLOMBO (News 1st) - අම්පාර, උහන ප්‍රදේශයේදී සිදු වූ පැරෂුට් අනතුරකින් යුද හමුදා විශේෂ බලකායේ සෙබළෙකු මිය ගොස් තිබේ.

යුද හමුදා මාධ්‍ය අංශය පැවසුවේ, අඩි 7000 ක් ඉහළ අහසේ සිදු කරමින් සිටි පැරෂුට් පුහුණුවක් අතර සිදු වූ අනතුරකින් එම සෙබළා මියගොස් ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ, යුද හමුදා විශ්ෂ බලකායේ බලලත් නිලධාරි දෙක, සෙබළෙකි. 44 හැවිරිදි එම සෙබළාගේ මළ සිරුර මේ වන විට අම්පාර රෝහලේ තැන්පත් කර ඇත. චම්පික කුමාරසිංහ, නැමැති එම සෙබළා ඕවිටිගම උතුර, පුහුල්වැල්ල, කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.