එ.ජා.ප. මන්ත්‍රීවරුන් තවත් තීරණාත්මක හමුවක

එ.ජා.ප. මන්ත්‍රීවරුන් තවත් තීරණාත්මක හමුවක

by Staff writer 20-08-2019 | 9:56 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් අද විශේෂ සාච්ඡාවක් පැවැත්විණි. තලවතුගොඩ පැවති මේ සාකච්ඡාවට අජිත් පී. පෙරේරා, නලින් බණ්ඩාර ජයමහ, හෙක්ටර් අප්පුහාමි, චන්ද්‍රාණි බණ්ඩාර, හේෂා විතානගේ, තලතා අතුකෝරළ සහ එස්.එම්. මරික්කාර් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා නියෝජනය කළ මන්ත්‍රීවරුන් 97 දෙනෙකු මේ සාකච්ඡාවට සහභාගී වී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිස මුහුණ දුන් ගැටලු පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබේ.