මිලියන 29174ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

රුපියල් මිලියන 29,174ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

by Staff writer 20-08-2019 | 5:31 PM
COLOMBO (News 1st) - රුපියල් මිලියන 29,174ක තවත් පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ඉන් රුපියල් මිලියන 6500ක් වෙන් කර ඇත්තේ ණය ආපසු ගෙවීම් සඳහා ය. උපදේශකයින් බඳවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 300ක ප්‍රතිපාදනයක් ද මෙමගින් ඉල්ලා තිබේ. මීතොටමුල්ල නාය යාම හේතුවෙන් අනතුරට ලක් වූ ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා අතිරේක ප්‍රතිපාදන වෙනුවෙන් රුපියල් මිලියන 21ක් වෙන් කර තිබේ.