ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Staff writer 28-08-2018 | 6:17 AM
COLOMBO (News 1st)

දේශීය පුවත්... 

1. ගෝඨාභය ඇතුළු 7කට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, නොතීසි : හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට ලබන මස 10 වන දා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඊයේ නොතිසි නිකුත් කළේ ය. 2. ඉන්දීය සාගර සමුළුව හැනෝයිහිදී ඇරඹෙයි : -කලාපීය නව හැඩ තල ගොඩනැංවීම- යන තේමාව යටතේ 2018 ඉන්දීය සාගර සමුළුව වියට්නාමයේ හැනෝයි නුවරදී ඊයේ ආරම්භ විය. 3. බදුල්ලේදී බසයක් අඩි 75 ප්‍රපාතයකට පෙරළෙයි : බදුල්ල – අලුගොල්ල මාර්ගයේ 19 වැනි කොටස ප්‍රදේශයේදී ලංගම බස් රථයක් අඩි 75 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පාසල් සිසුවෙක් මියගොස් තවත් 34 දෙනෙක් තුවාල ලැබූහ. 4. මින්නේරිය උද්‍යානය තාවකාලිකව වසා දැමේ : ධීවරයින් පිරිසක් සිදුකළ පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් මින්නේරිය ජාතික උද්‍යානය තාවකාලිකව වසා දමා තිබේ. පහරදීමෙන් මින්නේරිය ජාතික උද්‍යානයට අනුබද්ධව සේවය කළ වනජීවී නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. 5. ‍රාජ්‍ය සේවක වැටුප් සමාලෝචන කොමිසම රැස්වෙයි : රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය කර ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා පත් කළ විශේෂ කොමිසමේ පළමු හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත් විය. 6. හිටපු හමුදාපතිවරයෙකු වූ රොහාන් දළුවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි : හිටපු හමුදාපතිවරයෙකු මෙන් ම කීර්තිමත් සෙන්පතියෙකු වූ රොහාන් දළුවත්ත මහතා ඊයේ දහවල් අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට වයස අවුරුදු 77 කි. 7. අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි යළි වරෙන්තු : අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ නැවත විවෘත වරෙන්තු නිකුත් කර තිබේ. විදෙස් පුවත්... 1. ෆ්ලොරිඩාහි වෙඩි තැබීමක්, තිදෙනෙක් මරුට : අමෙරිකාවේ ෆ්ලොරිඩාහි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ. ක්‍රීඩා පුවත්... 1. ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ කඳුළුවලට වගකිව යුත්තේ කවුරුන් ද? : ආසියානු ක්‍රීඩා උළෙලේ මෙතෙක් ශ්‍රී ලංකාවට කිසිදු පදක්කමක් හිමි ව නැත. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදු වූයේ කාගේ වරදින් ද? මීටර් 400 මිශ්‍ර සහය ඉසව්වට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ අවස්ථාව අහිමිව යන්නේ බලධාරීන්ගේ නොසැළකිළිමත්කම හේතුවෙනි.