බදුල්ලේදී බසයක් අඩි 75 ප්‍රපාතයකට පෙරළෙයි

බදුල්ලේදී බසයක් අඩි 75 ප්‍රපාතයකට පෙරළෙයි

by Staff writer 27-08-2018 | 9:37 AM
COLOMBO (news 1st) : බදුල්ල - අලුගොල්ල මාර්ගයේ 19 වැනි කොටස ප්‍රදේශයේදී ලංගම බස් රථයක් අඩි 75 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පාසල් සිසුවෙක් මියගොස් තවත් 34 දෙනෙක් තුවාල ලැබූහ. පොලීසිය පැවසුවේ, බදුල්ලේ සිට කන්දේගෙදර දක්වා ධාවනය වූ බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ වීරගම පදිංචි 14 හැවිරිදි පිරිමි දරුවෙකි. තුවාලකරුවන්ගෙන් 28 දෙනෙකු තවදුරටත් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/2031881253508925/