මින්නේරිය උද්‍යානය තාවකාලිකව වසා දැමේ

මින්නේරිය උද්‍යානය තාවකාලිකව වසා දැමේ

by Staff writer 27-08-2018 | 11:58 AM
COLOMBO (News 1st) : ධීවරයින් පිරිසක් සිදුකළ පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් මින්නේරිය ජාතික උද්‍යානය තාවකාලිකව වසා දමා තිබේ. පහරදීමෙන් මින්නේරිය ජාතික උද්‍යානයට අනුබද්ධව සේවය කළ වනජීවී නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔවුන් හබරණ රෝහලට ඇතුළත් කර ඇති බවයි. මින්නේරිය ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී පවතින නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ පෙරවරුවේ වනජීවී නිලධාරීන් ධීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබිණ. පසුව ඊයේ රාත්‍රියේ වනජීවී කාර්යාලයට කඩා වැදුණු තවත් ධීවරයින් පිරිසක්, නිලධාරීන්ට පහර දී අදාළ ධීවරයා රැගෙන ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඉන්, වනජීවී නිලධාරීන් 10 දෙනෙකු පමණ තුවාල ලැබූ අතර ඉන් සිව් දෙනෙකු රෝහල්ගත කෙරිණ.