‍රාජ්‍ය සේවක වැටුප් සමාලෝචන පත් කළ කොමිසම රැස්වේ

‍රාජ්‍ය සේවක වැටුප් සමාලෝචනයට පත් කළ විශේෂ කොමිසම අද රැස්වෙයි

by Staff writer 27-08-2018 | 5:28 PM

COLOMBO (News 1st) - රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය කර ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා පත් කළ විශේෂ කොමිසමේ පළමු හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත් විය.

මෙය පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත කොමිසමේ සභාපතිත්වය දරන්නේ හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුග්ගේ මහතායි. කොමිසමේ ලේකම්වරයා ලෙස එච්. ජී. සුමනසිංහ මහතා කටයුතු කරනු ඇත. දැනට විවිධ අසමානතාවයන්ට ලක් ව ඇති සේවාවල වැටුප් තල සමාලෝචනය කර ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සඳහා අවශ්‍ය නිර්දේශ ලබාදීම කොමිසම මගින් සිදුවනු ඇති. https://www.facebook.com/NewsfirstSL/videos/284166972310425/