ගෝඨාභය ඇතුළු 7කට නොතීසි

ගෝඨාභය ඇතුළු 7කට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, නොතීසි

by Staff writer 27-08-2018 | 9:53 AM
COLOMBO (News 1st) : හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට ලබන මස 10 වන දා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අද නොතිසි නිකුත් කළේ ය. ඒ, ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුගාරය ඉදි කිරීමේදී සිදුව ඇතැයි කියන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් වන නඩුවට පෙනී සිටීම සඳහායි. එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් සලකා බැලූ නීතිපතිවරයා, අගවිනිසුරුවරයාගේ අනුමැතිය සහිතව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පසුගිය 24 වන දා අධිචෝදනා ගොනුකර නඩු පවරා තිබිණ. ඒ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍ර උදුලාවතී කමලදාස ඇතුළු 7 දෙනෙකුට එරෙහිවයි. මෙය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනෙන දෙවන නඩුව වේ.