ෆ්ලොරිඩාහි වෙඩි තැබීමක් : තිදෙනෙක් මරුට

ෆ්ලොරිඩාහි වෙඩි තැබීමක් : තිදෙනෙක් මරුට

by Staff writer 27-08-2018 | 8:02 AM
News 1st : අමෙරිකාවේ ෆ්ලොරිඩාහි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ. අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ ක්‍රීඩා තරගාවලියක් නැරීඹීමට අවන්හලකට පැමිණි පිරිසක් ඉලක්ක කර ප්‍රහාරය එල්ල කර තිබිණ. ජැක්සන්විල් පොලීසිය සඳහන් කළේ, වෙඩිතැබීම සිදුකළ බවට සැලකෙන පුද්ගලයා ද එම ස්ථානයේම මියගොස් ඇති බවයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැත. පුද්ගලයන් 49 දෙනෙකුට මරු කැඳවමින් 2016 වසරේ ඕර්ලන්ඩෝ හි සිදුවු වෙඩි තැබීම, මේ වසරේ පුද්ගලයන් 17 දෙනෙකුට මරු කැඳවමින් පාර්ක්ලන්ඩ්හි සිදුවු වෙඩි තැබීම ඇතුළුව ඉකුත් වසර කිහිපය තුළ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ වෙඩි තැබීම් කිහිපයක්ම සිදුවිය.