ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 19-08-2019 | 6:16 AM

දේශීය පුවත්

1. මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 2ක් පුබුදුගමදී අත්අඩංගුවට : අයිස් සහ හෑෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පමුණුගම පුබුදුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 2. නාවික හමුදා භාරයට ගත් ට්‍රෝලර් යාත්‍රාවේ මත් කුඩු කිලෝ 85ක් : හෙරොයින් බවට සැක සැකකෙරෙන මත් කුඩු කිලෝ ග්‍රෑම් 85 ක් අද සොයා ගෙන තිබේ. 3. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර දිසානායක : ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා නම් කෙරිණ. 4. ලසන්ත ඝාතනය ඇතුළු සිද්ධි 6ක් සම්බන්ධයෙන් CIDයෙන් වාර්තාවක් කැඳවයි : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු ප්‍රධාන සිද්ධි 6ක් සම්බන්ධයෙන්, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා තිබේ. 5. නීති විරෝධි මත්පැන් ජාවාරම් ගැන 1913 අංකයට දැනුම් දෙන්න : නීති විරෝධි මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් මහජන පැමිණිලි ලබා ගැනීම සඳහා නව දුරකතන අංකයක් හෙට සිට ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 6. පොලිස් නිලධාරීන්ට උසස්වීම් දෙන්න නව ක්‍රමයක් : පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් මහ භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. 7. ත්‍රිරෝද රථක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකු මරුට : ඇල්ල, ගඹරගල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තව ත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් පුවත්...

1. කාබුල්හි විවාහ මංගලෝත්සවයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් : ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර විවාහ මංගලෝත්සවයක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තිබේ.