මත්පැන් ජාවාරම් ගැන 1913 අංකයට දැනුම් දෙන්න...

නීති විරෝධි මත්පැන් ජාවාරම් ගැන 1913 අංකයට දැනුම් දෙන්න…

by Staff writer 18-08-2019 | 12:29 PM

COLOMBO (News 1st) - නීති විරෝධි මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් මහජන පැමිණිලි ලබා ගැනීම සඳහා නව දුරකතන අංකයක් හෙට සිට ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පැය 24 පුරා ක්‍රියාත්මක වන එම දුරකතන අංකය වන්නේ 1913. මෙම දුරකතන අංකයට ලැබෙන පැමිණිලිවල රහස්‍යභාවය ආරක්ෂා කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කළේ, නීති විරෝධි මත්පැන් ප්‍රවාහනය, ළඟ තබා ගැනීම, බලපත්‍ර යටතේ නිෂ්පාදනය කෙරෙන මත්පැන් ප්‍රමාණයට වඩා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මහජනතාවට පැමිණිලි ඉදිරිපිත් කළ හැකි බවයි.