මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 2ක් පුබුදුගමදී අත්අඩංගුව

මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 2ක් පුබුදුගමදී අත්අඩංගුවට

by Staff writer 18-08-2019 | 9:10 PM
COLOMBO (News 1st) : අයිස් සහ හෑෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පමුණුගම පුබුදුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, ලද තොරතුරක් මත කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගෙන ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 500කි. ඔවුන් සතුව තිබී හෑෂ් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 04 යි ග්‍රෑම් 500කට ආසන්න ප්‍රමාණයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 100කට ආසන්නයි. පොලිසිය ප්‍රකාශ කළේ, සැකකරුවන් පුබුදුගම ප්‍රදේශයේ නිවසක් මෑතකදී කුලියට ගෙන රැඳී සිට ඇති බවයි. ඔවුන් 28 හා 31 හැවිරිදි වයස්වල පසුවන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. සිද්ධිය සම්බන්ධයෙන්, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.