පොලිස් නිලධාරීන්ට උසස්වීම් දෙන්න නව ක්‍රමයක්

පොලිස් නිලධාරීන්ට උසස්වීම් දෙන්න නව ක්‍රමයක්

by Staff writer 18-08-2019 | 12:28 PM

COLOMBO (News 1st) - පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් මහ භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, පොලිස් කොස්තාපල්වරුන් 31,500 කට මේ යටතේ උසස්වීම් ලබා දෙන බවයි. 85,000 කට අධික කාර්ය මණ්ඩලයක් සහිත පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා නිලධාරීන් 31,540 දෙනෙකු සේවය කරනු ඇති. මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, පොලිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක අමාත්‍යාංශය හරහා මහ භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමක් මත පොලිස් කොස්තාපල්වරුන්ට උසස්වීම් ලබා දෙන බවයි.