ඇල්ලේ සිදු වූ ත්‍රිරෝද රථ අනතුරින් දෙදෙනෙකු මරුට

ත්‍රිරෝද රථක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකු මරුට

by Staff writer 18-08-2019 | 10:14 AM

COLOMBO (News 1st) - ඇල්ල, ගඹරගල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තව ත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී බල්ලකෙටුව දෙස සිට පිටපොල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මීටර් 350 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියැදුරු සහ ඔහුගේ දරුවන් තිදෙනා දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනෙකු මිය ගොස් තිබේ. මියගොස් ඇත්තේ 35 හැවිරිදි පියා සහ සෙල්වරාජ් කවිෂාන් නැමති 08 හැවිරිදි දරුවෙකි. ඔවුන් හෙලපුපුල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. අනතුරින් බරපතළ තුවාල ලැබූ අවුරුදු 12 ක් අවුරුදු 08 ක් වයසැති දරුවන් දෙදෙනා බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනු ඇති.