ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 08-08-2020 | 6:40 AM
දේශීය පුවත් 1. මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල පිළිබඳ සමාලෝචනයක් : මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයක් හිමිවිය. 2. මැතිවරණ පරාජයෙන් පසු එජාපය හදිසි සාකච්ඡාවක්..: මැතිවරණ පරාජයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකයින් ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී හමුවී සාකච්ජාවක නිරත විය. 3. අංගොඩ ලොක්කා ගැන පුළුල් විමර්ශනයක් : ඉන්දියානු පර්යේෂණ හා විශ්ලේෂණ කාර්යාංශය හෙවත් රෝ සංවිධානයේ නිලධාරීන් පිරිසක් තමිල්නාඩු ප්‍රාන්තයේ අපරාධ අංශය සමග අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයා සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බවට ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කර තිබේ. 4. පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුවෙන් නම් කරන 17 දෙනාගේ නම් ඊයේ පස්වරුවේ මැතිවරණ කොමිසමට යවා තිබුණි. 5. පුරාවිද්‍යා ස්ථානයක් විනාශ කළැයි කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 දෙනෙකුට වරෙන්තු : කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ, නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරී යන මහත්වරුන් ඇතුළු පස්දෙනෙකු වහාම අධිකරණය ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ වරෙන්තු නිකුත් කර තිබේ. විදෙස් පුවත් 1. කැලිකට් ගුවන්තොටුපළේදී ගුවන් යානයක් දෙකඩ වෙයි : එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් යානයක් දකුණු කේරළ ප්‍රාන්තයේ ගුවන් තොටුපළකදී අනතුරට ලක්ව තිබේ.