කැලිකට් ගුවන්තොටුපළේදී ගුවන් යානයක් දෙකඩ වෙයි

කැලිකට් ගුවන්තොටුපළේදී ගුවන් යානයක් දෙකඩ වෙයි

by Staff writer 07-08-2020 | 10:13 PM
COLOMBO (News 1st) : එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් යානයක් දකුණු කේරළ ප්‍රාන්තයේ ගුවන් තොටුපළකදී අනතුරට ලක්ව තිබේ. ඩුබායි සිට පැමිණි මෙම යානය කැලිකට් ගුවන්තොටුපළේ ගුවන් පථයට ගොඩ බැස්සවීමේදී ගුවන් පථයෙන් ඉවතට ගොස් දෙකඩ වී ඇතැයි, වාර්තා වේ. අනතුර වන අවස්ථාවේ පුද්ගලයින් 191 දෙනෙකු යානයේ ගමන් කරමින් සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ. අනතුරින් ගුවන් නියමුවෙකු ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා තිබේ.