ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 06-07-2020 | 6:50 AM
දේශීය පුවත් 1. අගමැතිගේ චෝදනාවලට සජිත්ගෙන් පිළිතුරු : සමගි ජන බලවේගය හා එහි නායක සජිත් ප්‍රේමදාස මහතා රට බෙදන බෙදුම්වාදී දේශපාලනයක නිරතවන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරයි.
“රටේ අගමැතිතුමා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියනවා. මම සතුටු වෙනවා. ඒ මාධ්‍ය නිවේදනය පිළිබඳව. මිත්‍රවරුණි රටේ අගමැතිතුමා පොහොට්ටුවේ ප්‍රධානියා පිළිරගෙන හමාරයි. තමන්ගේ ප්‍රධානතම දේශපාලන ප්‍රතිවාදියා වෙන කවුරුත් නෙමෙයි දුරකතනයයි සමගි ජන බලවේගයයි සජිත් ප්‍රේමදාසයි කියන එක එතුමා පිළිඅරගෙන තියනවා.
2. හි⁣ටපු රාජ්‍ය ඇමති අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මියයයි : මෙවර මහමැතිවරණයට සමගි ජන බලවේගයෙන් තරග වදින අපේක්ෂකයෙකු වන අශෝක වඩිගමංගාව මහතා මියගොස් තිබේ. 3. වැල්ලවත්තේ රෙදිපිළි වෙළෙඳසැල් පෙළක ගින්නක් : වැල්ලවත්ත, ඩබ්ලිව්. ඒ. සිල්වා මාවතේ රෙදිපිළි වෙළෙඳසැල් පෙළකඊයේ ගින්නක් හටගෙන තිබේ. 4. කුසල් මෙන්ඩිස්ගේ ජීප් රථයේ ගැටී පුද්ගලයෙක් මරුට : ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පානදුර ප්‍රදේශයේදී ඊයේ පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. 5.පුස්කොළ පොත්වල හිමිකම ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට පවරා ගැනීමේ තීරණයක්: විහාරස්ථානවල මෙන්ම විවිධ පුද්ගලයින් සතුව පවතින පුස්කොළ පොත්වල හිමිකම, රාජ්‍ය ලේඛනාගාරයට පවරා ගැනීමට රජය තීරණය කර තිබේ. විදෙස් පුවත් 1. ඔබ මුලින්ම සදාචාර සම්පන්න පුද්ගලයෙකු විය යුතුයි – ඔබාමා ට්‍රම්ප්ට කියයි : අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා මහතා එරට වත්මන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් මාලාවක් පළ කර තිබුණි.