අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මියයයි

හි⁣ටපු රාජ්‍ය ඇමති අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මියයයි

by Staff writer 05-07-2020 | 4:31 PM

COLOMBO (News 1st) – මෙවර මහමැතිවරණයට සමගි ජන බලවේගයෙන් තරග වදින අපේක්ෂකයෙකු වන අශෝක වඩිගමංගාව මහතා මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, වඩිගමංගාව මහතා ගමන් කළ මෝටර් රථය, ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඔහු මියගොස් ඇති බවය. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 68කි. පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහු මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටියේය. රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කර ඇති ඔහු වයඹ පළාත් සභාවේ අමාත්‍ය ධූර කිහිපයක්ම හොබවා තිබේ.