ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

10 Jun, 2020 | 6:11 am

දේශීය පුවත්

1. අත්අඩංගුවට ගත් පෙරටුගාමී ක්‍රියාකාරීන් 53කට ඇප: කොල්ලුපිටියේ සහ ලිප්ටන් වටරවුමේ විරෝධතාවේදී අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් 53 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී තිබේ.

2. අමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්: සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයින්ට සහ සියලු දෙනාට ඇති අයිතියට සහයෝගය දක්වන බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට අනුකූල බවත් කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

3. ජාතික රෝහලේදී රු. ලක්ෂ 79ක් කොල්ල කෑ දොස්තර අල්ලයි: කොළඹ ජාතික රෝහලට කඩා වැදී වැටුප් අංශයෙන් මුදල් හැත්තෑ නම ලක්ෂ තිස් පන්දහස් හාරසිය තිස් හතක් කොල්ල කා පළා ගිය වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

4. යාපනයේ නිවාස 3ක පදිංචිකරුවන් ස්වයං නිරෝධායනයට: යාපනයේ නිවාස තුනක පදිංචිකරුවන් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

5. මංගල සමරවීර මහ මැතිවරණයට තරග කිරීමෙන් ඉවත් වෙයි: හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කළ බව ඊයේ නිවේදනය කළේ ය.

විදෙස් පුවත්

6. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට චෝදනා එල්ල වූ පොලිස් නිලධාරියාට අ.ඩො. මිලියන 1.25ක ඇප: අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ පොලිස් නිලධාරී ඩෙරෙක් චාවින්ට අමෙරිකා ඩොලර් මිලියන 1. 25ක ඇප නියම කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]