අත්අඩංගුවට ගත් පෙරටුගාමී ක්‍රියාකාරීන් 53කට ඇප

UPDATE: අත්අඩංගුවට ගත් පෙරටුගාමී ක්‍රියාකාරීන් 53කට ඇප

by Staff writer 09-06-2020 | 10:10 PM
COLOMBO (News 1st) 10.10pM : කොල්ලුපිටියේ සහ ලිප්ටන් වටරවුමේ විරෝධතාවේදී අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් 53 දෙනෙකුට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී තිබේ. ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------ COLOMBO (News 1st) : අමෙරිකාවේ අත්තනෝමතික අක්‍රමණශීලී හා මර්දනකාරී පිළිවෙතට විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද පැවැත්වීමට සූදානම්වූ විරෝධතාවට පොලීසිය බාධා කළේ ය. පොලීසිය පැවසුවේ, අධිකරණ නියෝගයක් හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම නිසා මේ පියවර ගත් බවයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඇතුළු 42 දෙනෙකු පොලිසිය අද අත්අඩංගුවට ගත්තේ ය. අද පස්වරු 1 ට පමණ කොල්ලුපිටියේ මංසන්ධියට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයින් එක්රැස්වෙමින් සිටියදීම පොලීසිය ක්‍රියාත්මක විය. අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීම වළක්වමින් අධිකරණ නියෝගයක් ලබාගෙන අතැයි, දැනුම්දෙමින් පොලීසිය විරෝධතාවට රැස්වූ පිරිස අත්අඩංගුවට ගැනීමටත් විසුරුවා හැරීමටත් පියවර ගත්තේ ය. මෙම සිදුවීම වන අවස්ථාවේ කොල්ලුපිටියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබිණ. කොල්ලුපිටිය මංසදියේදී විරෝධතාවට මේ අයුරින් බාධා කිරීම නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිසක් ලිප්ටන් වටරවුම අසල යළිත් සාමකාමී විරෝධයක් ආරම්භ කළහ. මෙම විරෝධතාව පැවැත්වුණේ, සමාජ දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය උපදෙස්වලට අනුකූළවයි. කොල්ලුපිටියේදී අත්අඩංගුවට පිරිස නිදහස කරන ලෙසද මෙම විරෝධතාවයේදී පිරිස ඉල්ලා සිටියේ ය. එම ස්ථානයට ද පොලීසිය පැමිණි අතර විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට එහිදී පියවර ගැනිණ. අත්අඩංගුවට ගත් පිරිස වරාය පොලීසිය වෙත රැගෙන ගියේ ය. අත්අඩංගුවට ගත් පිරිස වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් ද අද පස්වරුවේ වරාය පොලීසියට පැමිණ සිටියේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/250204012928297/ https://www.youtube.com/watch?v=ORf9N1Rztr0&feature=youtu.be