අමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

අමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

by Staff writer 09-06-2020 | 9:21 PM
COLOMBO (News 1st) : සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයින්ට සහ සියලු දෙනාට ඇති අයිතියට සහයෝගය දක්වන බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට අනුකූල බවත් කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබූ පෙළපාළිය අවහිර කිරීමට ඉල්ලීමක් කර නොමැති බවයි. තානාපති කාර්ය මණ්ඩලය සහ පරිශ්‍ර ආරක්ෂා කිරීම සඳහා මෙරට රජය හා නීතිය බලාත්මක කරන ආයතන දරන වෑයම අගය කරන බව ද මෙහි සඳහන් ය. කෝවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජන රැස්වීම් සීමා කිරීම , මුහුණු ආවරණ පැළඳීමට නියම කිරීම හා රජය ගෙන ඇති අනෙකුත් ක්‍රියාමාර්ග පිළිබඳව තානාපති කාර්යාලය මෙම නිවේදනයෙන් අගය කර තිබේ.