ජාතික රෝහලේදී රු. ලක්ෂ 79ක් කොල්ල කෑ දොස්තර අල්ලයි

ජාතික රෝහලේදී රු. ලක්ෂ 79ක් කොල්ල කෑ දොස්තර අල්ලයි

by Staff writer 09-06-2020 | 2:28 PM

COLOMBO (News 1st) : කොළඹ ජාතික රෝහලට කඩා වැදී වැටුප් අංශයෙන් මුදල් හැත්තෑ නම ලක්ෂ තිස් පන්දහස් හාරසිය තිස් හතක් කොල්ල කා පළා ගිය වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, දැනට රජයේ රෝහලක සේවය නියුතු වෛද්‍යවරයෙකු එම කොල්ලය සිදු කර ඇති බවය. ජාතික රෝහලේ වැටුප් අංශයේ නිලධාරියෙකුට ව්‍යාජ ගිනි අවියක් පෙන්වා බිය ගන්වා සැකකරු මුදල් තොගය කොල්ල කා ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලයනල් මුහන්දිරම් මහතා සඳහන් කළේ ය. මුදල් තොගය කොල්ල කා පළා යමින් සිටි සැකකරු කාන්තා පොලිස් නිලධාරිනියෙකු විසින් අත්අඩංගුවට ගෙන ඇත. මරදාන පොලීසියේ මෙහෙයවීමෙන් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ. https://www.facebook.com/NewsfirstSL/videos/998132930605236/