ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 19-11-2019 | 7:06 AM
දේශීය පුවත් 1.ගෝඨාභය රාජපක්ෂ ජනපති ධූරයේ දිවුරුම් දෙයි: ශ්‍රී ලංකාවේ හත් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් අබියස දී නව ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ ය. 2.ජනපතිවරණයේදී මාධ්‍ය භාවිතය තුළ සිරස TV විකාශය සමබරයි – යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින්: නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ශ්‍රී ලංකා සහ ආසියානු ජාලයේ හා යුරෝපීය සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් ද්විත්වයේ ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ ඇගයීම් ප්‍රතිපළ ඊයේ නිකුත් කළේ ය. 2.ඉල්ලා අස් වූ මැති ඇමතිවරු: පාඨලී චම්පික රණවක මහතා ඊයේ උදෑසන මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය. 3. නව ජනපති ඉන්දීය අගමැතිගේ ඇරයුම පිළිගනී: ජනාධිපති ධුරයට තේරීපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකතනය ඔස්සේ සුබ පතා තිබේ. 4.සේනා දළඹුවා යළිත් හිස ඔසවයි: අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක බඩ ඉරිඟු වගාව ආශ්‍රිතව පැතිර යන දළඹු වි‍ශේෂය සේනා දළඹුවා බවට තහවුරු වී තිබේ. විදෙස් පුවත් 1. හොංකොං විරෝධතා තවදුරටත් උත්සන්න වෙයි: හොං කොං දේශයේ විරෝධතා තවදුරටත් උත්සන්න වී තිබේ. ක්‍රීඩා පුවත් 1.කොදෙව්වන්ට එරෙහි 20යි 20 තරගාවලිය ජය ඇෆ්ගනිස්ථානයට: බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෝ සමත් වූහ.