හොංකොං විරෝධතා තවදුරටත් උත්සන්න වෙයි

හොංකොං විරෝධතා තවදුරටත් උත්සන්න වෙයි

by Staff writer 18-11-2019 | 6:35 AM
COLOMBO (News 1st) : හොං කොං දේශයේ විරෝධතා තවදුරටත් උත්සන්න වී තිබේ. මෙහිදි විරෝධතාකරුවන් හා පොලීසිය අතර ගැටුම් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. විරෝධකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබූ අතර ප්‍රතිකාර සඳහා ඔහු රොහල්ගත කර තිබේ. හොං කොං පොලීසිය ඊට ප්‍රතිචාර ලෙස විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේ ය. මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හොං කොං විරෝධතාකරුවන් නිරීක්ෂණයට සහ හොං කොං දේශයේ සාමය පවත්වා ගෙන යාමට සිය සෙබළුන් යෙදවීමට චීනය පියවර ගත් බවයි.