ඉල්ලා අස් වූ මැති ඇමතිවරු

ඉල්ලා අස් වූ මැති ඇමතිවරු

by Staff writer 18-11-2019 | 9:37 PM

COLOMBO ( News 1st ) - පාඨලී චම්පික රණවක මහතා අද උදෑසන මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පාඨලී චම්පික රණවක මහතා සිය ඉල්ලා අස්වීම දැනුම් දී තිබේ. අදාළ ලිපිය මගින් ජනාධිපතිවරණයේ ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් ද එක්කර ඇති ඔහු ධූර කාලයේ කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කර තිබේ. මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ද අද පෙරවරුවේ සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වුණි. මීට අමතරව මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රුවන් විජයවර්ධන, හරීන් ප්‍රනාන්දු සහ අජිත්.පී පෙරේරා යන මහත්වරුන් ද ඊයේ සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් විය.