කොදෙව්වන්ට එරෙහි 20යි 20 තරගාවලිය ජය ඇෆ්ගනිස්ථානයට

කොදෙව්වන්ට එරෙහි 20යි 20 තරගාවලිය ජය ඇෆ්ගනිස්ථානයට

by Staff writer 18-11-2019 | 8:03 AM
COLOMBO (News 1st) : බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ, දෙරට අතර පැවැති තුන්වන හා අවසන් 20යි 20 තරගයෙන් ඇෆ්ගනිස්ථානය ලකුණු 29 ක ජයක් වාර්තා කිරීමත් සමගයි. ඉන්දියාවේ ලක්නව්හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 156 කි. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 127 ක් පමණි.