ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 02-10-2019 | 6:44 AM
COLOMBO (News 1st) දේශීය පුවත් 1. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විකල්ප අපේක්ෂකයා ලෙස හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නම යෝජනා කර ඇතැයි ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කරයි. 2. ජාතික ජන බලවේගය ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ ඇප මුදල් තැන්පත් කළේ ය. 3. විදේශීය මත්පැන් ලීටර් 80 දක්වා ප්‍රමාණයක් සිල්ලරට විකිණීම, ප්‍රවාහනය හා සන්තකයේ තබා ගැනීමට අවසර දෙමින් රෙගුලාසි සංශෝධනය කර තිබේ. 4. මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන්කෝටි තිස් නව ලක්ෂයක මුදලක් අවභාවිත ක‍ළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීම තාවකාලිකව වළක්වමින් නිකුත් කොට ඇති අතුරු තහනම් නියෝගය ලබන 14 වන දා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළේ ය. 5. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගත් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ ඇප මත මුදා හැරිණි. විදෙස් පුවත් 6. චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සංවත්සරික උත්සවය ‍‍ඊයේ බෙයිජිංහි ටියැංඅන්මෙන් චතුරශ්‍රයේදී අභිමානවත් ලෙස පැවැත්විණි. ක්‍රීඩා පුවත් 7. ශ්‍රී ලංකාවට එරෙහි තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0 ක් ලෙස පෙරමුණ හිමි කර ගැනීමට සත්කාරක පකිස්ථාන ක්‍රීඩකයෝ සමත් වූහ.