අනුර කුමාර ජනපති සටනට ඇප තියයි

අනුර කුමාර ජනපති සටනට ඇප තියයි

by Staff writer 01-10-2019 | 6:54 PM
COLOMBO (News 1st) - ජාතික ජන බලවේගය ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද ඇප මුදල් තැන්පත් කළේ ය. ඉදිරි ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් 14 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන අපේක්ෂකයින් 4 දෙනෙකු එලෙස ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව ය. මේ අතර ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කළේ, පක්ෂයේ ප්‍රධාන ලේකම් නිහාල් අබේසිංහ මහතා විසිනි. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේ ය.