විදේශීය මත්පැන් සම්බන්ධයෙන් රෙගුලාසි සංශෝධනය කෙරේ

විදේශීය මත්පැන් සම්බන්ධයෙන් රෙගුලාසි සංශෝධනය කෙරේ

by Staff writer 01-10-2019 | 5:39 PM
COLOMBO (News 1st) - විදේශීය මත්පැන් ලීටර් 80 දක්වා ප්‍රමාණයක් සිල්ලරට විකිණීම, ප්‍රවාහනය හා සන්තකයේ තබා ගැනීමට අවසර දෙමින් රෙගුලාසි සංශෝධනය කර තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ මීට පෙර සිල්ලරට විකිණීම, ප්‍රවාහනය හා සන්තකයේ තබා ගත හැකි විදේශීය මත්පැන් ප්‍රමාණය ලීටර් 7.5ක් වූ බව ය. මේ අතර දිවයිනේ සියලු සුරා සල් අනිද්දා වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ, ලෝක අමද්‍යප දිනය වෙනුවෙනි. නීති විරෝධී මත්ද්‍රව්‍යවලට අදාළව නීති උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගැනීමට වැටලීම් ක්‍රියාත්මක ය. ඒ සඳහා සුරාබදු නිලධාරීන් 1000කට අධික පිරිසක් අනියුක්ත කර ඇතැයි කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ ය.