ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 14-07-2019 | 6:35 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ ගොඩ ගසා ඇති අපද්‍රව්‍ය බවට සැක කෙරෙන තොගය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය යොමුව තිබේ. 2. වසරේ ගත වූ මාස 6ක කාලය තුළ විසා කොන්දේසි උල්ලංඝනය කළ සහ වීසා කාලය ඉකුත් වීමෙන් පසුව මෙරට රැඳී සිටි පුද්ගලයින් 497 දෙනකු පිටුවහල් කිරීමට පියවර ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. 3. කොළඹ කුරුඳුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක රථ වාහන ගමනා ගමනය අද පෙරවරු 6.00 සිට දහවල් 12.00 දක්වා සීමා කරන බව පොලිස් මූලස්ථානය පවසයි. 4. නිෂ්කාශනය නොකර වරාය පර්යන්තවල රඳවා ඇති බහාලුම් පිළිබඳව රේගුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. 5. දින 8ක් තුළ සිදු කළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 2540 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. විදෙස් පුවත් 6. ෆේස්බුක් සමාගමට එරෙහිව අමෙරිකානු ඩොලර් බිලියන 5 ක දඩයක් පැනවීමට අමෙරිකානු බලධාරීන් පියවර ගෙන තිබේ.