Facebook සමාගමට දඩ

Facebook සමාගමට එරෙහිව අමෙරිකානු ඩොලර් බිලියන 5 ක දඩයක්

by Staff writer 13-07-2019 | 9:23 AM

News 1st - ෆේස්බුක් සමාගමට එරෙහිව අමෙරිකානු ඩොලර් බිලියන 5 ක දඩයක් පැනවීමට අමෙරිකානු බලධාරීන් පියවර ගෙන තිබේ.

අමෙරිකානු ෆෙඩරල් වෙළෙඳ කොමිසම විසින් මෙම දඩය පනවා ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෆේස්බුක් සමාගම විසින් සිය පරිශිලකයින් සතු දත්තවල රහස්‍යතාවය අනාවරණය කිරීමේ සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට අදාළව මෙම දඩය පනවා ඇති බවයි. කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම විසින් සිදු කරන ආනාවරණයක් අනුව මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කෙරුණි. එමගින් අනාවරණය වූයේ, ෆේස්බුක් සමාගම මිලියන 87 ක පරිශීලකයින්ගේ දත්ත වෙනත් පාර්ශවවලට ලබාදී ඇති බවයි.