දින 8ක් තුළ බීමත් රියැදුරන් 2540ක් අත්අඩංගුවට

දින 8ක් තුළ බීමත් රියැදුරන් 2540ක් අත්අඩංගුවට

by Staff writer 13-07-2019 | 3:58 PM
COLOMBO (News 1st) - දින 8ක් තුළ සිදු කළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 2540 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පසුගිය 5 වන දා ආරම්භ කළ බව ය. අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ පමණක් බීමත් රියැදුරන් 260 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.