වීසා කොන්දේසි කඩ කෙරූ 497 දෙනෙකු පිටුවහල් කෙරේ

වීසා කොන්දේසි කඩ කෙරූ 497 දෙනෙකු මෙරටින් පිටුවහල් කෙරේ

by Staff writer 13-07-2019 | 4:35 PM
COLOMBO (News 1st) - වසරේ ගත වූ මාස 6ක කාලය තුළ විසා කොන්දේසි උල්ලංඝනය කළ සහ වීසා කාලය ඉකුත් වීමෙන් පසුව මෙරට රැඳී සිටි පුද්ගලයින් 497 දෙනකු පිටුවහල් කිරීමට පියවර ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එහි මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා සඳහන් කළේ, ඒ අතරින් බහුතරය නයිජීරියානු ජාතිකයින් සහ ඉන්දීය ජාතිකයින් වන බව ය. මේ අතර වීසා නීති උල්ලංඝනය කරමින් රැඳී සිටින පුද්ගලයින් ‍අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.