ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 26-10-2018 | 7:02 AM
COLOMBO (News 1st)  1. අත්අඩංගුවට ගත් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඊයේ පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 7 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 2. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහා ඉවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ. 3. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍ර‍ධාන විධායක නිලධාරි කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන මස 8 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 4. මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි සැකකරුවෙකු හම්බන්තොට ප්‍රදේශයේ ග්‍රාමීය බැංකුවක් කොල්ල කා මුදල් පැහැර ගෙන ගොස් තිබේ. 5. පදවිය ප්‍රදේශයේදී යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත් 6. සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝජි ඝාතනය කරන අවස්ථාවේ පටිගත වී ඇති බව කී හඬ පටයට අමෙරිකානු රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂ (CIA) ජීනා හැස්පල් විසින් සවන් දෙනු ලැබ තිබේ.