ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 16-07-2019 | 6:08 AM

දේශීය පුවත්

1. යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර නිළ නොවන මට්ටමේ ප්‍රතිත්‍රස්ත කතිකාවක්?: යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර නිළ නොවන මට්ටමේ ප්‍රතිත්‍රස්ත කතිකාවක් පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත්ව තිබේ. 2. ගිනි අවි අතුරුදන්වීම හේතුවෙන් පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවයි: ටී – 56 වර්ගයේ ගිනි අවි දෙකක් අස්ථානගතවීම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවා තිබේ. 3. දින 10 ක් තුළ බීමත් රියැදුරන් 3154 දෙනෙකු අත්අඩංගුවට: දින 10 ක් තුළ කළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 3154 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

විදෙස් පුවත්

4. තාක්ෂණික දෝෂයක් හමුවේ ඉන්දියාවේ චන්ද්‍රයාන් – 2 අභ්‍යවකාශ මෙහෙයුම කල්දැමේ: තාක්ෂණික දෝෂයක් හේතුවෙන් චන්ද්‍රයා බලා අභ්‍යවකාශගත වීමට නියමිතව තිබූ චන්ද්‍රයාන් – 2 මෙහෙයුම කල්දැමීමට සිදු වූ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.

ක්‍රීඩා පුවත්

5. ලෝක කුසලාන අවසන් තරගයේ විනිසුරු තීරණ විවාදාත්මක තත්ත්වයක: ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වාදුන් එංගලන්තය වසර 44 ක එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට කිරුළ දිනා ගෙන තිබේ.