පානදුර උ. පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවයි

ගිනි අවි අතුරුදන්වීම හේතුවෙන් පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවයි

by Staff writer 15-07-2019 | 5:32 PM

COLOMBO (News 1st) - ටී - 56 වර්ගයේ ගිනි අවි දෙකක් අස්ථානගතවීම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ‍, ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව එම තීරණය ගත් බවයි. පසුගිය 04 වැනි දා පානදුර උතුර පොලිස් ස්ථානයේ රාජකාරී භාර නිලධාරියා ගිනි අවි සම්බන්ධයන් කළ පරීක්ෂාවකදී ටී - 56 ගිනි අවි දෙකක් අස්ථානගත වී ඇති බව තහවුරු විය.