පැය 24 ක් තුළ බීමත් රියැදුරන් 279 ක් අත්අඩංගුවට

දින 10 ක් තුළ බීමත් රියැදුරන් 3154 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 15-07-2019 | 6:19 PM

COLOMBO (News 1st) - දින 10 ක් තුළ කළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 3154 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පසුගිය 5 වැනි දා ආරම්භ කළ බවයි. අද උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ පමණක් බීමත් රියැදුරන් 279 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.