ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

07 May, 2021 | 6:14 am

දේශීය පුවත්

1. මෙරට කොරෝනා මරණ ගණන 745 දක්වා ඉහළට..: මෙරට කොරෝනා ආසාදිත තවත් මරණ 11ක් වාර්තා වෙයි.

2. පසුගිය දින 14 තුළ ඉන්දියාවේ සංචාරය කළ ගුවන් මගීන්ට විශේෂ නිවේදනයක්..: පසුගිය දින 14 තුළ ඉන්දියාවේ සංචාරය කර ඇති ගුවන් මගීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරටට ගොඩබැසීමට වීමට අවසර නොමැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

3. ගැබිණි මව්වරුන්ට කොවිඩ් බලපානවාද ? ආරක්ෂාව වෙනුවෙන් කළ යුත්තේ කුමක් ද?: කොරෝනා වසංගතය හමුවේ ගැබිණි මව්වරුන්ට කොවිඩ් බලපානවාද ? ආරක්ෂාව වෙනුවෙන් කළ යුත්තේ කුමක් ද? යන්න පිළිබඳව කාසල් වීදිය මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා අදහස් පළ කළේ ය .

4. කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂිත රෝහල්, ඒකක සහ ආයතන සංඛ්‍යාව 52 දක්වා ඉහළ නැංවීමට පියවර…: කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂිත රෝහල් , ඒකක සහ ආයතන සංඛ්‍යාව 52 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ති‌බේ.

විදෙස් පුවත්

5. මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක්: මාලදිවයිනේ හිටපු ජනාධිපති, වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව මාලදිවයින් මාධ්‍ය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]