තවත් කොරෝනා මරණ 11ක් වාර්තා වෙයි..

මෙරට කොරෝනා මරණ ගණන 745 දක්වා ඉහළට..

by Chathuranga Rajapaksha 06-05-2021 | 11:29 PM
COLOMBO (News 1st): තවත් කොරෝනා මරණ 11 ක් වාර්තා විය. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 745 කි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අවුරුදු 81, 78, 73, 72, 71, 68, 52, වයස්වල පසු වූ කාන්තාවන් 7 දෙනෙක් සහ අවුරුදු 77, 75, 55, 43 වයස්වල පසු වූ පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි. ඔවුන් ඉනාමලුව, කුලියාපිටිය, කටුවන, බෙන්තොට, සීදුව, මල්ලවගෙදර, ගෙලිඔය, යාපනය, උඩවලව, බුළුතොට සහ කොළඹ 03 ප්‍රදේශවල පදිංචිකරුවන් ය. මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 119,424 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයින් 1,851 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඊයේ සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 810 කි. ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100,885 ක් දක්වා ඉහළ ගොස් ඇත. ආසාදිතයින් 17,805 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇති.

වාර්තා වූ කොරෝනා මරණ පිළිබඳ තොරතුරු