කොරෝනා රාජකාරි වෙනුවෙන් කුලී පදනම මත වාහන..

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂිත රෝහල්, ඒකක සහ ආයතන සංඛ්‍යාව 52 දක්වා ඉහළ නැංවීමට පියවර...

by Staff writer 06-05-2021 | 5:54 PM

COLOMBO (News 1st) – කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂිත රෝහල් , ඒකක සහ ආයතන සංඛ්‍යාව 52 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ති‌බේ.

කොවිඩ් හදිසි ප්‍රතිචාර සෞඛ්‍ය පද්ධති පෙර සූදානම් කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ, මේ වනවිට එවැනි විශේෂිත රෝහල්, ඒකක සහ ආයතන 20ක් සකස් කර ක්‍රියාත්මක වෙමින් පවතින බවය. තවත් එවැනි ආයතන 32ක වැඩ කඩිනමින් අවසන් කරමින් පවතින බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. මේ අතර, කොවිඩ් රාජකාරි කටයුතු වෙනුවෙන් කුලී පදනම මත වාහන ලබා ගැනීම ද ආරම්භ කර තිබේ. වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේ, එම වාහන ප්‍රවාහන පහසුකම් අඩු වෛද්‍ය නිලධාරි කාර්යාලවල කොවිඩ් රාජකාරි සඳහා යොදවන බවයි. 0112 68 05 49 දුරකතන අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.