ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 31-10-2020 | 5:41 AM
දේශීය පුවත් 1. පාර්ලිමේන්තු සභාවට සාමාජිකයින් නම් කරන්නැයි කතානායකගෙන් දැනුම්දීමක් – පාර්ලිමේන්තු සභාව සඳහා සාමාජිකයින් නම් කරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අග්‍රාමාත්‍යවරයාට හා විපක්ෂ නායකවරයාට දැනුම් දී ති‌බේ. 2. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බස්නාහිර පළාතේ විවෘත කර ඇති ඉන්ධන පිරවුම්හල් – නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බස්නාහිර පළාතේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් විවෘත කර තැබීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. 3. ගම්පහ වික්‍රමාරච්චි විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් – ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 4. නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් සුදර්ශන පතිරණ : නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පත්කර තිබේ. 5. අධිවේගයේ බස්නාහිර පළාතේ පිවිසුම් හා පිටවුම් සියල්ල පරීක්ෂාවට – අධිවේගි මාර්ගවල බස්නාහිර පළාතේ පිවිසුම් හා පිටවුම් සියල්ල පොලිස් මාර්ග බාධක මගින් පරීක්ෂාවට ලක් කර තිබේ. විදෙස් පුවත් 1. අමෙරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් ගණන වාර්තාගත ලෙස ඉහළට.. – අමෙරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.