අධිවේගයේ බස්නාහිර පිවිසුම්, පිටවුම් පරීක්ෂාවට

අධිවේගයේ බස්නාහිර පළාතේ පිවිසුම් හා පිටවුම් සියල්ල පරීක්ෂාවට

by Staff writer 30-10-2020 | 11:26 AM

COLOMBO (News 1st) - අධිවේගි මාර්ගවල බස්නාහිර පළාතේ පිවිසුම් හා පිටවුම් සියල්ල පොලිස් මාර්ග බාධක මගින් පරීක්ෂාවට ලක් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, විශේෂ හේතුවක් නොමැතිව කිසිවෙකුට අධිවේගි මාර්ගවලට පිවිසිය නොහැකි බවයි. අධිවේගි මාර්ගයට දකුණු ප්‍රදේශයේ සිට පැමිණෙන්නේ නම් පිවිසිය හැක්කේ කුරුඳුගහ හැතැක්ම දක්වා පමණක් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.