බස්නාහිර පළාතේ විවෘත කර ඇති ඉන්ධන පිරවුම්හල්

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බස්නාහිර පළාතේ විවෘත කර ඇති ඉන්ධන පිරවුම්හල්

by Hashini De Mel 30-10-2020 | 4:38 PM

COLOMBO (News 1st) - නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බස්නාහිර පළාතේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් විවෘත කර තැබීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

එම සංස්ථාව නිවේදයන් නිකුත් කරමින් පැවසුවේ, කොළඹ දිස්ත්‍රික්කයේ 62 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 68 ක් හා කළුතර දිස්ත්‍රික්කයේ 27 ක් වශයෙන් ඉන්ධන පිරවුම්හල් විවෘතව තැබෙන බවයි. කොරෝනා තත්ත්වය හමුවේ එම ඉන්ධනහල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වන්නයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටි.