පැය 24ක් තුළ අමෙරිකාවෙන් නව ආසාදිතයන් 90,000ක්

අමෙරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් ගණන වාර්තාගත ලෙස ඉහළට..

by Staff writer 30-10-2020 | 5:13 PM

COLOMBO (News 1st) – අමෙරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

ඉකුත් පැය 24 තුළ අමෙරිකාවෙන් වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 90,000 ඉක්මවිය. එම කාලය තුළ අමෙරිකාවේ කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1021 කි. මේ වනවිට අමෙරිකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 92 ඉක්මවන අතර එරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ තිස් හතර දහස ඉක්මවයි.