ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 22-09-2020 | 6:16 AM

දේශීය පුවත්

1. මහනුවර අනතුරට හේතුව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හෙළි කරයි: මහනුවර, බූවැලිකඩ නිවස ගිලා බැසීමට හේතුව ලිහිල් පාංශු ස්ථරයක් මත එම ගොඩනැගිල්ල ඉදිකිරීම බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 2. අම්පිටියේ සුමනරතන හිමියන්ගෙන් පුරාවිද්‍යා නිලධාරීන්ට චෝදනා: මඩකලපුව, චෙන්කලඩි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක ගවේෂණ කටයුතු සහ සීමා ලකුණු කිරීම ප්‍රමාදකර ඇතැයි කියමින් මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පෙරවරුවේ එම ස්ථානයට පැමිණ තිබේ. 3. ආනවිලුන්දාව තෙත් බිමට හානි කළ බලවතුන් තවමත් නිදැල්ලේ: පසුගිය දින කිහිපයේ වාර්තා වූ පරිසර හානි පිළිඳව කරුණු පැහැදිලි කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ආනවිලුන්දාව රැම්සා තෙත්බිමට හානි කිරීම පිළිබඳව සංවාදයක් ඇති විය. 4. ඩොලර් ට්‍රිලියන 2 ක ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණයක තොරතුරු හෙළිවෙයි: ලොව විශාලතම වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන රැසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල කල්ලි නායකයන්ට අයත් බවට සැකකෙරෙන නීති විරෝධි ලෙස උපයන ලද ඩොලර් ට්‍රිලියන 2 කට අධික මුදලක්, බැංකු හරහා සංසරණය කිරීමට අවස්ථාව ලබාදී ඇතැයි රහසිගත ලිපිගොණුවක් හෙළිකර තිබේ.

විදෙස් පුවත්

5. කොරෝනා හේතුවෙන් වසා දැමූ ටජ්මහල යළි විවෘත කෙරේ: කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු ඉන්දියාවේ ටජ්මහල නැවත විවෘත කර තිබේ.