ටජ්මහල යළි විවෘත කෙරේ

කොරෝනා හේතුවෙන් වසා දැමූ ටජ්මහල යළි විවෘත කෙරේ

by Staff writer 21-09-2020 | 6:45 PM

News 1st - කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු ඉන්දියාවේ ටජ්මහල නැවත විවෘත කර තිබේ.

එලෙස ටජ්මහල වසා දැමුණේ, ඉකුත් මාර්තු මාසයේ දී වන අතර වැඩිම කාලයක් වසා තිබූ කාලය ද එයයි. දිනකට පැමිණිය හැකි නරඹන්නන් සංඛ්‍යාව 5000 කට සීමා කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. කොරෝනා වසංගතයට පෙර දිනකට 70,000 ක පමණ නරඹන්නන් සංඛ්‍යාවක් ටජ්මහල වෙත පැමිණ තිබේ. මීට පෙර ටජ්මහල වසාදමා තිබුණේ 1978 වර්ෂයේදී ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙනි.