ආනවිලුන්දාවට හානි කළ බලවතුන් තවමත් නිදැල්ලේ

ආනවිලුන්දාව තෙත් බිමට හානි කළ බලවතුන් තවමත් නිදැල්ලේ....

by Staff writer 21-09-2020 | 7:30 PM

COLOMBO (News 1st) - පසුගිය දින කිහිපයේ වාර්තා වූ පරිසර හානි පිළිඳව කරුණු පැහැදිලි කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ආනවිලුන්දාව රැම්සා තෙත්බිමට හානි කිරීම පිළිබඳව සංවාදයක් ඇති විය.

මාධ්‍යවේදී ප්‍රශ්නය,
ප්‍රධාන සාමාජිකයින් ගත්ත ද නැද්ද කියන එක පැහැදිලි නැහැ ?
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා,
ආනවිලුන්දාව රක්ෂිතයට අදාළව අධිකරණයට ඉදිරිපත් කර සැකකරුවන් විසින් කර ප්‍රකාශයට අනුව අත්අඩංගුවට ගැනීමක් හෝ වාර්තාවක් ගැනීම හෝ තවමත් මගහැරිලා තියෙනවා සභාපතිවරයාව. ඒ සම්බන්ධයෙන් අපි පොලීසියෙන් විමසීමක් කළා සහ පොලීසිය ඉල්ලීමක් කළා පුළුවන් තරම් ඉක්මණට ඒ උපදෙස් දුන්න කියන සභාපතිවරයාගෙනුත් වර්තාවක් අරගෙන රජයටත් දෙපාර්තමේන්තුවටත් ආරක්ෂක අමාත්‍යාංශයටත් දැනුම් දෙන්න කියලා. අනිත් අය තාමත් අත්අඩංගුවට අරගෙන නෑ. අපේ පැත්තෙන් ඒ සඳහා වූ වාර්තාව අධිකරණට යැවීමට සහ ඒකට මැදිහත් වෙන්න අධිකරණයට යන්න ඕනේ. වනජීවී දෙපාර්තමේන්තුවට අදාළ සියලු තොරතුරු අපි ලබාදීලා තියෙනවා. අධිකරණ කටයුතු දැනට ක්‍රියාත්මක වෙනවා.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ප්‍රධාන අමාත්‍යවරයෙක්ගේ සහෝදරයෙක් පිටිපස්සෙ ඉන්නවා කියන කතාව සත්‍යයක් ද ?
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා,
නෑ ඒක අපි සත්‍යක් ද නැද්ද කියලා දන්නේ නෑ. ඇමතිවරයාගේ සහෝදරයෙක්ද නැද්ද ඇමතිවරයා මේකට සම්බන්ධ ද නැද්ද කියන එක ප්‍රකාශ කරන එක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට අදාළව පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක්. ඇමතිවරයා පෞද්ගලිකව කියලා තියෙනවා මම සම්බන්ධ නෑ කියලා නමුත් ඒකට සෑහිමකට පත් වෙන එකක් නෑ මේ රටේ ජනතාව. ඔහු ඉන්න තැන දැක්කොත් අපිට කියන්න පුළුවන් හැබැයි අත්අඩංගුවට ගන්න කට උත්තර ගන්න අපිට බලයක් නෑ. ආනවිලුන්දාවට විතරක් ප්‍රශ්නයක් තියෙනවා තවමත් පොලීසිය මේ කියන පුද්ගලයාගේ වාර්තාවක් කටඋත්තරයක් ගන්න බැරි වුණේ කියන එක. ඒක ප්‍රශ්නයක් සමාජෙ ජනතාව ප්‍රශ්න කරන එකක්. පොලීසියේ වැරැද්දක් ඒක. පොලීසියට පුළුවන් වෙන්න ඕනේ අත්අඩංගුවට ගන්න.
https://www.facebook.com/NewsfirstSL/videos/609462339733456/