ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 04-08-2020 | 6:47 AM

දේශීය පුවත්

1. අංගොඩ ලොක්කා කොයිම්බතූර්වල මිය ගිහින් – අත්අඩංගුවට ගත් කාන්තාවක් ඉන්දීය පොලීසියට හෙළිකරයි: පාතාල කල්ලි නායකයෙකු බව කියන ලසන්ත චන්දන පෙරේරා නොහොත් ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේදී මිය ගොස් අතැයි ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත තහවුරු කර තිබේ. 2. මැතිවරණ කාර්යාලයක සිටි පිරිසකට කිරුළපනදී මැර ප්‍රහාරයක්: කිරුළපන ප්‍රදේශයේ ඊයේ අලුයම දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකින් පසුව මෙවර තරග කරන අපේක්ෂකයෙකුගේ බිරිඳ පවුලේ ඥාතියෙකු ඇතුළු සිව්දෙනෙකු රෝහල්ගත කර තිබේ. 3. මානව හිමිකම් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි: ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ. 4. දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නව ක්‍රමවේදයක්: මැතිවරණ කොමිෂන් සභාව මගින් මෙවර මහ මැතිවරණයේදී දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේ.

විදෙස් පුවත්

5. TikTok අමෙරිකාවට විකුණන්න, නැත්නම් දැඩි පියවර – ඩොනල්ඩ් ට්‍රම්ප්: TikTok සමාජ මාධ්‍ය ජාලය දින 45 ක් ඇතුළත මයික්‍රොසොෆ්ට් යටතට පවරාගැනීමට කටයුතු කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.